තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිසථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථාන වලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා

එසේම එම නව නීතියට අනුව එරට කාන්තාවන්ට, විවාහ හෝ ලේ බැඳීමක් නොමැති පුරුෂයින් දෙස බැලීම තහනම් වන අතර , කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ධ නගා කතා කිරීම හෝ ගායනා ඉදිරිපත් කිරීම ද තහනම් වන බව තලෙයිබාන් අන්තර්වාර රජයේ අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා

තලෙයිබාන් පාලකයින් එලෙස නව නීති මාලාවක් පනවා ඇත්තේ, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නැයි ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වන පසුබිමකදීයි.

කාන්තාවන්ට පනවා ඇති නව නීති මාලාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ප්‍රබල බලපෑමක් එල්ල විය යුතු බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.