ආර්ථික වශයෙන් මෙන්ම නීතිය, රාජ්‍ය සේවය ඇතුළු සෑම අංශයකින්ම දියුණු රටක් බවට පත්කිරීමට සිය පක්ෂය සතුව වැඩපිළිවෙළක් පවතින බවත් රට සෑම අතින්ම පොහොසත් රාජ්‍යයක් බවට පත්කිරීම ජාතික ජනබලවේගයේ අරමුණ බවත් ජාතික ජනබලවේගයේ ජනපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි

මාලඹේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා

“අපි ඔක්කෝටම අරමුණක් තියෙනවා. මේ රට පොහොසත් රටක් බවට පත්කරන්න ඕනේ මොනවා ගෙන්ද ? ආර්ථිකයෙන් විතරද ? නෑ අපි ආර්ථිකයෙන් දුප්පත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එකෙන් අපි දුප්පත්, රාජ්‍ය සේවයෙන්.. එකෙනුත් අපි දුප්පත්, මිනිස්සු අතර බැඳීම්වලින්… ඒවාගෙනුත් අපි දුප්පත්. ඒ කියන්නේ මේ රට විශාල දුප්පත්කම්වල ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා.

ලෝකයේ ඉදිරියේ අපි පිළිගන්නේ නැති රාජ්‍යයක්. ලෝකයේ රටවල් ඉදිරියේ අපි බාල්දුභාවයට පත්වුණ රාජ්‍යයක්. අපි දුප්පත් රාජ්‍යයක්. හැම පැත්තෙන්ම දුප්පත් රාජ්‍යයක්. අපි එකට එකතුවෙලා ආණ්ඩුවක් හදමු හැම පැත්තෙන්ම පොහොසත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කරමු. ආර්ථික වශයෙන් පොහොත් රාජ්‍යයක් හදන්න පුළුවන්. මේ රට අද මේ තත්ත්වයට පත්වී තිබෙන්නේ රටේ වැරැද්දක් නිසා නෙමෙයි. ජනතාවගේ වැරද්දක් නිසා නෙමෙයි. ඔක්කොම සාරවත් රටේ මෙවැනි ව්‍යසනයකට පත්කරපු හෙණේ තමයි මේ පාලකයෝ. සැප්තැම්බර් 21ක් වනදා ආණ්ඩුවක් හදමු ලංකා ඉතිහසයේ පළමුවතාවට ජනතාවගේ අරමුණයි පාලකයන්ගේ අරමුණයි එකක් බවට පත්වන ආණ්ඩුවක්.”