අද(27) සිට යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර අදියර වශයෙන් වී මිලදී ගැනීමට මුදල් නිකුත් කෙරෙන බව ඔහු පවසා සිටියා

පළමු අදියර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 500ක්.

ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවා.

යළ කන්නයේ කිරිසම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කට මිලදී ගැනීමට නියමිතයි.

සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115යි.

නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.