ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මිනිසුන්ට අමතක වී නැති බවත් මේ රටේ දුටු පළමු ත්‍රස්තවාදි කල්ලිය ජනතා විමුක්ති පෙරමුණ බවත් දමිතා අබේරත්න පවසයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන සන්දානයේ රැළියකට සහභාගි වෙමින් ඇය මේ අදහස් පලකළා.

” නාමල් පුතත් අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකතු වෙන්න ඉඩ තියනවා .ඔය සාටකවරු එක්ක එකතුවෙලා සීනි වලින් හොරා කාපු, මේ රටේ තෙල් ටික හොරා කාපු, ඒ පල්හොරු ඔක්කොම හැංගිලා ඉන්නේ . තවමත් නීතිය ඉදිරියට ගෙනත් නෑ . අපි අරගල කරද්දි කිව්වා මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා .ඒ අරගලේ කොටස් කාරයෙක් විදිහට අද ඔබ සැම අමතන්න ලැබීම සතුටක්

අපි දන්නවා එදා මහින්ද මහත්තයාව රජ කරවන්න තමයි JVP එක කටයුතු කරේ . අද ඇවිල්ලා කියනවා හොරු අල්ලනවලු . හොරුන්ට හොරා කන්න ඉඩ දීපු මිනිස්සු වෙන ඇදුමක් ඇදගෙන ඇවිත් තියෙන්නේ.මාලිමාව කියනවා NPP එක කියන්වා මොන නමින් ආවත් මොන කැලේ මාරු කරත් කොටියා කොටියාම තමා

අපි මේ රටේ දැකපු පළවෙනි ත්‍රස්තවාදි කල්ලිය J.V.P එක .ඒ මහා තිරිසන් මිනිස්සුන්ගෙ ඉතිහාසය අපි දන්නවා .අද JVP එක විරු සමුරුව කියලා සමරන්නේ ත්‍රස්තවාදි සමරුවක් .එතන විරුවෝ හිටියේ නෑ .ඒ විරුවෝ විනාශ කරේ අපේ රට ,අපේ රටේ පොදු දේපල , මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ හුස්ම “