අද (29) ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ‘පුළුවන් සම්මුතිය’ එළිදැක්වුණී .

‘රනිල් සමග රට දිනවන වසර පහක්’ යන්න එහි තේමාවයි.

ජීවන බර අඩුකිරීම, රැකියා ලබාදීම, බදු සහන, අපනයන ආර්ථිකයකට පරිවර්ථනය ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත් ඇතුළත් කර තිබෙනවා .

‘රනිල් සමඟ රට දිනවන වසර පහක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික ඉලක්ක පහක් මත පදනම් වී තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.