තමා හට කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හා එක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් බොහෝ පිරිස් ඇය රනිල් වික්‍රමසිංහ සමග එක්වන බවට අසත්‍ය ප්‍රකාශ පළ කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියා

එසේම සිරගතව සිටින කාලයේ රනිල් වික්‍රමසිංහ හා එක්වන ලෙස ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයන්ගෙන් තම සැමියාට ‍යෝජනා පැමිණි බවත් තම හෘද ශාක්ෂියට මුල්තැන දෙමින් එම ‍යෝජනා ප්‍රතික්ෂේප කළ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ පිළිබදව අදහස් දැක්වූයේ සමගි ජන සන්ධානයේ රැළියකට එක්වෙමින්

“මම වාහනේ එන ගමන් එක්තරා නාලිකාවකින්න් මට කතා කරලා කියනවා ඒ අයට මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ලෑස්තිවෙලා ඉන්න හිරුණිකා නුගේගොඩ රනිල්ගේ රැළියට නගිනවා කියලා.මම කිව්ව මම රනිල්ගේ රැළියට නැගලා රනීල් කියලා කෑ ගහලා ආයෙත් බැහැලා එන්නම් කියලා. මම රනිල්ගේ ගෙදරටම අන්තිම පාරට ගියේ රනීල් කියල කෑ ගහපු දවසේ .එදා එහෙම කෑ ගහලත් එයා එළියට ආවේ නෑ . එතනින් එහාට මම මූණ දැකලත් නෑ ,කතා කරලත් නෑ මේ කාලෙටම .මට මානසික වද‍යක් .දවස් තුනක් තිස්සේ අහනවා යනවද යනවද කියලා .මට දුකයි මම වගේ ගෑනියෙක්ගෙන් යනවද කියලා අහනකොට .

සිරගතවෙලා ඉන්නකොට මගේ මහත්තයා විශාල මානසික පීඩනයක හිටියේ .එයාට ආවා යෝජනාවක් ආණ්ඩුව නියෝජනය කරන පාර්ෂවයන්ගෙන් මට කියන්න කියලා නිදහස් වෙන්න අවශ්‍ය නම් ලොක්කට කතා කරන්න කියලා. ලොක්කාගෙන් සමාව ගන්න ,එයාට බනින්න එපා, කැම්පේන් එක ළං වෙනකොට එක්කහු වෙන්න ඕනක තමා අපු යෝජනා ටික . මගේ මහත්තයා හිරේට මාව බලන්න ඇවිත් මගෙන් අහනවා මොකද කියන්නේ කියලා. මොකද එයාට දේශපාලනේ වැඩක් නෑ. එයාට ප්‍රශ්නේ තිබුනේ ගෙදර ලමයි තුන්දෙනා අඩන එක .මම කිව්ව තව කොච්චර කල් මෙතන ඉන්න වෙයිද දන්නේ නෑ හැබැයි පඔය යෝජනාව ගෙනාපු අයට කියන්න මම අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රතිපත්තියක් ආරක්ෂ කරගෙන ඉන්නවා . ඒ තමයි මගේ හෘද ශාක්ෂිය . මම හෘද ශාක්ෂිය පාවා දෙන්නේ නෑ කියලා .

මට එහෙම කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න පසුබිම හැදුණේ මගේ පවුල් පරිසරය අනික මගේ නායකයා. අපි ලෝකේ ඉන්න අනිත් නායකයෝ දිහා බලල ආදර්ශ ගන්න ඕන නෑ . අපේ ඉස්සරහා ඉන්න සජිත් ප්‍රේමදාස මුළු ජීවිත කාලෙම ප්‍රතිපත්ති ගරුකව දේශපාලනේ කරපු මනුස්සයෙක් . එයා තමයි අපේ ආදර්ශේ ”