එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරණා කිහිපයක් සැලකිල්ලට ගනිමින්
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාලිත රංගේ බංඩාර සිය දියණියට ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ රැකියාවක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමත්, ඔහුට මහලේකම් තනතුර සඳහා ලබාදී තිබූ වාහනය සිය පුතා වෙත ලබාදී ඇති අතර ඔහු විසින් එම වාහනයෙන් අනතුරක් සිදු කිරීම සහ මුදලට විවිධ ආසන සංවිධායකවරු, පක්ෂ නියෝජිතයන්, නිලධාරීන් පත් කිරීම යන චෝදනා මත ඔහුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය පක්ශ නායකයාට ඇති බැවින් ‍රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවනවා.

ඒ අනුව, ඊයේ (28) දිනයේදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහු ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට ද සහභාගී වී නැති බව සදහන්