ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා

එහිදි 52 හැවිරිදි දුලිප් සමරවීර විසින් ක්‍රිකට් ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

එම චෝදනාව මත ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විෂමාචාරය චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයට අදාල පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවයි.

දුලිප් සමරවීර ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත් මෙම විෂමාචාර චෝදනා අනාවරණය වීමත් සමඟම එම තනතුරින් ඉවත් වි තිබෙනවා.

.