අදට (30) යෙදී තිබෙන බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් ගොදුරු බවට පත් වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් උතුරු – නැගෙනහිර දෙපළාතේ විරෝධතා පා ගමන් සංවිධාන කර තිබෙනවා

කෙසේ නමුත් නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විරෝධතා පා ගමන සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස්ථානයේ වැඩ බලන මුලස්ථානය පොලිස් පරීක්ෂකවරයා විසින් සිදු කළ කරණු වාර්තා කිරීමකට අනුවයි.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වීමටත් මහජනතාව හා දේපළවලට හානි සිදුවිය හැකි බවටත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ විරෝධතාව ත්‍රිකුණාමලය මුහුදු වෙරළෙහි පැවැත්වෙන බව ආරංචි මාර්ග සදහන් කරයි