ඊයේ (01) රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ මෙන්ම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව යුද්ධ හමුදා පීඨයට අනුයුක්ත සෙබලුන් පිරිසක් බව වාර්තා වේ

ඊයේ (01) රාත්‍රියේ කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහකාරි ලෙස හැසිරෙන බවත් එම පිරිසම බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලහාකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.