වර්තමානය වන විට ජාතික ජනබලවේගය ජනතාව වැළදගත් ස්වෙච්චා ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසා සිටිනවා

අද (02) පැවති මාධ්‍ය හමුවකදි ඇය මේ පිළිබද අදහස් පළකලා.

එසේම ජාතික ජනබලවේගයේ ප්‍රතිවාදින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතැම් කරුණු විකෘති කරන බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්‍ය හරිනි අමරසූරිය

“මේ වෙනකොට මාලිමාව කියලා කියන්නේ ජනතාව වැළදගත්ත, ජනතාව මැදිහත් වෙන ව්‍යාපාරයක් බවට පත්වෙලා තියනවා. මාලිමාවේ මැතිවරණ ව්‍යාපාරය දැන් මේ රටේ ජනතාව කරගෙන යනවා . අපි ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන්ම තමා. අපි රාජ්‍ය දේපළ අවභාවිතා කරලා නෑ . දැන් මේ රටේ තියන දැවැන්තම ස්වෙච්චා ව්‍යාපාරය මේක. ජනතාව මේකට එකතුවෙලා තියෙන්නේ ඔවුන් දන්නවා ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබාගන්න පුලුවන් මාලිමාව හරහා කියලා .ඒ නිසාම තමා අපි දකින්නේ ස්වෙච්චාවෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය මේ තරම් බලවත් එකක් බවට පත්වෙලා තියෙන්නේ කියලා .අනුර සහෝදරයාගේ ආරක්ෂාව අපිට වැදගත් . අනුර සහෝදරයාගේ ආරක්ෂාව මත අපි සමහර තීන්දු තීරණ අරගෙන තියනවා . ඒ තීන්දු තීරණ රටේ ජනතාවට බරක් වෙලා නෑ .ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාෂය එළිදක්වපු මොහොතේ ඉදලා අපේ ප්‍රතිවාදින් විශේෂයෙන් ජාතික ජනබලවේගය, එක්සත් ජතික පක්ෂය ඒකෙ අන්තර්ගතය විකෘති කරන්න විශාල වෑයමක යෙදිලා තියනවා. ඒකේ වැදගත් කාරණා බොහොමයක් එක්කො ඔවුන්ට තේරෙන්නේ නැතිකම . මේක වැරදි විදිහට අර්ථකතනය කිරීමක් අපි දකිනවා . අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛතම තැනක් අපි අධ්‍යාපනයට දීලා තියනවා. ඒක පිළිබද සවිස්තරාත්මක දැක්මක්, සැලැස්මක් අපි ළග තියනවා. මේක විකෘති කරමින් සජබ මන්ත්‍රිවරුන් මේ පිළිබද විකෘති අදහස් ඉදිරිපත් කරනවා ජනතාව නොමග යවන්න. විශේෂයෙන් සමගි ජන බලවේගය ගන්න මේ කැත උත්සහය අපි හෙළා දකිනවා . මේක විකෘති නොකර ඉන්න කියලයි අපිට ඔවුන්ට කියන්න තියෙන්නේ “