මීට මාස කිහිපයකට පෙර ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම කාන්තා මනාප ප්‍රතිශතයක් ගන්නා ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරන බවට පොරොන්දු වූ බවත් එම පොරොන්දුව මේ වන විට ඉටුවෙමින් තිබෙන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි

අද (02) මුලතිව් ප්‍රදේශයේ පැවති සමගි ජන සන්ධානයේ රැළියක් අමතමින් ඇය මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

“මම මීට මාස ගාණකට කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පොරොන්දුවක් උණා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම කාන්තා මනාප ප්‍රතිශතයක් ගත්ත ජනාධිපති බවට ඔහුව පත් කරනවා කියලා . අද අපිට පුළුවන් වෙලා තියනවා ඒක කරන්න .යන යන තැන විශාල කාන්තාවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ බලවේගය වටේ රොද බැදලා තියනවා .ඒ නිසා ජයග්‍රහණය අපිට ස්ථිරයි කියන විශ්වාසය මට තියනවා . මොකද සාමාන්‍යයෙන් වැඩියෙන්ම ගෙදර දුක ,වේදනාව අඩුපාඩුව දැනෙන්නේ කාන්තාවට. අද කාන්තාව විශ්වාස කරනවා මේ රට ඉන්න තත්වයෙන් ගොඩ ගන්න පුලුවන් කෙනා සජිත් ප්‍රේමදාස කියලා. මේ වගේ අවස්ථාවක් ආයේ එන්නේ නෑ. අපි මෙච්චර කල් පත්කරගෙන තියෙන්නෙ රස්තියාදුකාරයෝ ,මදාවියෝ. මේ රට මේ වෙලාවේ ගිනි අරගෙන තියෙන්නෙ .ගිනිගත්ත රට, ගිනිගත්ත හදවත්, ගිනිගත්ත හැගීම් නිවන්න පුළුවන් එකම ආදරණීය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණමයි”