මීටර 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් ද සමඟින් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා.

ඔහු එහිදී මීටර 67.03ක දක්ෂතාවක් වාර්තා කළේ F44 කාණ්ඩයේ පෙර පැවති ලෝක වාර්තාව බිඳ දමමින් වීම විශේෂ්‍යත්වයක් .

එහි රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩක සුමිත් ඇන්ටිල් සමත් වූ අතර ඔහු මීටර් 70.59ක දක්ෂතාවක් පෙන්නුම් කර තිබුණා.

සමිත දුලාන්ගේ මෙම ජයග්‍රහණය ටෝකියෝහිදී (2020) දිනූ ලෝකඩ පදක්කමෙන් පසුව ලැබූ පැරාලිම්පික් රිදී පදක්කම ද වනවා.