ඊයේ (03) වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහනට එක් වෙමින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

එම තත්ත්වය නිවැරදි කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ජනතාවට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහජනතාව මේ සම්බන්ධයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.