2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සවස 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන මෙම පළමු දින විවාදය සඳහා අපේක්ෂකයින් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ ස්වාධීන අපේක්ෂක පී. අරියනේත්තිරන් එදිනට සහභාගී වෙයි.

ස්වාධීන අපේක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා විවාදයට සහභාවී වීමට නොහැකි බව දැනුම්දී තිබෙන අතර ජාතික ජන බලවේගයේ අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වය තවම සනාථ කර නොමැති බවටත් තොරතුරු වාර්තා වනවා.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර විවාදය 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වෙනවා.