රුසියාවට එරෙහි මාස 30ක යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටියදි යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා ඉල්ලා අස් වී තිබෙනවා.

සෙලෙන්ස්කිට පසුව, 43 හැවිරිදි ඩිමිට්‍රෝ කුලේබා යුක්‍රේනයේයේ වඩාත්ම ප්‍රසිද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයා බව සඳහන්.

ලොව පුරා නායකයින් හමුවෙමින්, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව සසුරවමින් ඔහු විදේශ රට වලින් හමුදා සහ දේශපාලන සහාය සඳහා බලපෑම් කිරීම නිසා වෙනත් ලෝක නායකයින් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අයෙක්.

ඊයේ තවත් අමාත්‍යවරුන් පස් දෙනෙකු ඉල්ලා අස්වූ අතර පසු ඉදිරි දින කිහිපය තුළ තවත් ඉල්ලා අස්වීම් සහ පත්වීම් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

කෙසේ වෙතත් සෙලෙන්ස්කි රජයේ සගයකු මෙලෙස ඉල්ලා අස් වීම පිළිබඳ හිමිව ඇත්තේ විශේෂ අවධානයක්.

මේ අතර යුක්‍රේනයට අවශ්‍ය ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට වෙනස්කම් අවශ්‍ය බව යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.