ජන අරගලයෙන් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය ජනාධිපතිවරණය බැවින් එය ඉතාම තීරණාත්මක මැතිවරණයක් බව ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියා .

එසේම දෙදාහා වසරෙන් පසු ඉපදුණු තරුණ පරපුර ජනතා විමුක්ති පෙරමුණේ රැල්ලට හසුවී ඇති බවත් ඔවුන් එය රැඩිකල් කමක් ලෙස සිතුවද එය රැඩිකල්කම නොව නොදන්නාකම බව ඇය අවධාරණය කර සිටියා

අද (04) රත්නපුර පැවති සමගි ජන බලවේගයේ රැළියක් අමතමින් දමිතා අබේරත්න මෙම අදහස් පළකර සිටියා

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න
“අරගලෙන් පස්සෙ එන පළමු මැතිවරණය තමයි මේ ජනාධිපතිවරණය. මේක හරි තීරණාත්මකයි . මේ පුංචි කතිරෙට ලොකු වගකීමක් බරක් තියනවා කියාගන්න බැරි තරම් වටිනාකමක් තියනවා තරගකරුවෝ ඉන්නව මැච් එකේ තිස් ගානක්. ඇත්තටම මට ඉන්නේ එකම නායකයෙක් ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා.අනිත් අය නම් මට පුස් ගොඩවල්. මේ රටට වින කරපු අපේ ජීවිතවලට හෙණ ගස්සපු ඒ නායකයෝ මට පේන්නේ පඹ රැලක් වගේ . දෙදහෙන් පස්සේ ඉපදුණු අපේ තරුණ පරපුර හිතනව ජවිපේ රැල්ලත් එක්ක යන එක හරි ලොකු රැඩිකල් කමක් කියලා. ඒක රැඩිකල්කමක් නෙවේ ඒක නොදන්නාකම කිසිම දෙයක් ඒ ළමයි දන්නෙ නෑ. අම්මා තාත්තාගෙන් අහන්නේ නෑ, කියන දේ අහන්නේ නෑ . ඒක තමා ඒ ගොල්ලන්ගේ රැඩිකල්කම . ලස්සනට ජේවීපි එක ඒ ළමයින්ගේ ඔලුව කනවා . ඒ ඒගොල්ලොන්ගේ විමුක්තිය හොයාගන්නා බලය. මේ රටක දෙකෝටි විසි නව ලක්ෂයකගේ හුස්මට ගරු කරන බලයක් නෙවේ. කිසිම බලයක් නැතුව මේ රටේ දරුවන්ගේ හුස්මට වැඩ කරන්න ඕන කියලා හිතපු එකම නායකයා මේ ලෝකේම ඉන්න කිසිම බලයක් නැතුව මිනිස්සුන්ට වැඩ කරපු එකම විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස මහත්තයා”