අද (05) කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම ආරම්භ කිරීමට නියමිතයි

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී මෙම මිනිස් ඇටකටු හමුව තිබුණා

එබැවින් එම පරීක්ෂණ සිදු කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04)වැනි දා නියෝග කළේය.

වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා , මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙසට වරාය පොලිසියට දන්වා තිබෙනවා