ජයග්‍රහණයෙන් අනතුරුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බවද ඔහු අවධාරණය කර සිටියා .

ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකර සිටියා

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“අපි ජයග්‍රහණය ලබපුවහම ආරම්භයේ දීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට සමහරු අහනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්කරන තෙක් කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. අපි ව්‍යවස්ථානුකූලව ඒ අන්තර් කාලයේ අපි රට පාලනය කරනවා. එකක් තමා අපි ජනාධිපති වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තුනයි, මමයි හතරයි. හදනවා 4 දෙනාගෙන් කැබිනට් මණ්ඩලය. මොකද්ද ප්‍රශ්නය, ව්‍යවස්ථාවට එකඟයි. එහෙම බැරි නම් ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න. ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැත්නම් භාරකාර ආණ්ඩුවක් ඕනේ නම් එහෙම එකකුත් පුළුවන්. මම අද කියන්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ.”