ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකා සඳහා නිර්දේශ වී තිබෙනවා.

අයර්ලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණු ලභියා බවටට පත්වූයේ හර්ශිතා යි .

එමෙන් ම එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමටයි ඇය සමත් වූ අතර එහිදී ලකුණු 19, 105ක් සහ නොදැවි ලකුණු 48ක් ලබාගත්තා.

එමෙන් ම අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩාවන් දෙදෙනා වන්නේ අයර්ලන්ත ජාතික ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් ය.