ඇතැම් අපේක්ෂකයන් ගේ වත්කම් පිළිබද මේ වන විටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිළි ලැබී තිබෙන බවත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ගෙන් කවුරු ජයග්‍රණය කලත් ස්ථීර වශයෙන්ම මාස කිහිපයක් තුළ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී යන බවත් ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසයි

ඊයේ (04) මාතර පැවති ජන හමුවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර සිටියා

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ

“සමහර අපේක්ෂකයන්ගේ මාසික ආදායමත්, වත්කමත් රටේ ජනතාව දැන් දන්නවා. එක මාසෙකට ලක්ෂ දෙකේ තුනේ හතරේ ආදායම් ලබන සමහර අපේක්ෂකයන්ගේ වත්කම් කෝටී ගණන් වලින් ඉහළ ගිහින් තියනවා. ඒ නිසා මේ වෙන විටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කරලා තියනවා. මේ පර්‍ර්ක්ශන කරනකොට මට හිතෙනවා මේ සැරේ නාම යෝජන දුන්න කිහිපදෙනෙකුට සිරතග වෙන්න වෙයි කියලා . මොකද මේ අවස්ථාවේදි රූකඩ අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියනවා. ඒගොල්ලෝ මේක සුළුවට තකලා ඉදිරිපත් කරලා තියනවා ලේඛන වත්කම් සහ බැරකම් කියලා. අනිත් පැත්තට ගත්තම මේ මැතිවරණයක් තියන වෙලාවේ බුරියානි එකක් කන්න දුන්නත් බත් එකක් කන්න දුන්නත් ඒක අල්ලසක් විදිහට තමයි නීතිය පිළිගන්නේ . එහෙම තත්වයක් තියෙද්දි රජයේ සේවකයන්ට රුපියල් විසිපන්දාහ ,පහළොස් දාහා දහ දාහා වැඩි කරනවා කියන්නේ එක අල්ලස්. ඉන්දියාව වගේ නම් මේ වගේ පොරොන්දු දුන්නේ ඔහුගේ අපේක්ෂක ධුරය අහෝසි කරනවා. අපේ රටේ තාම ඒ නීති හදන්න බැරි වෙලා තියනවා . එකක් පැහැදිලි ඔය ප්‍රධාන පෙළේ කියලා ඉන්න කවුරු දිනුවත් පැහැදිලි කරුණ ස්ථිර වශයෙන්ම දිනන කෙනාගේ ජනාධිපත් අපේක්ෂක ධූරය මාස කිහිපයක් තුළ අහෝසි වෙලා යනවා “