අද පෙරවරු 6.47 පමණ මුම්බායේ Lower Parel West හි Times Tower ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව වාර්තා වෙන අතර ගිනි නිවන රථ එම ස්ථානයට ගොස් ගිනි නිවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව සඳහන්.

ගිලන් රථ සහ පොලිසියද ගිනි නිවීමේ මෙහෙයුමට සමබන්ධව සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.