අසීමිත බදු ක්‍රමයක් තුළ ආණ්ඩුවටවත් ජනතාවටවත් සාධාරණයක් නොවන බැවින් බදු ප්‍රතිපත්තිය සරල කරන බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියි.

මහර පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ

” විශේෂයෙන්ම අපි බදු ප්‍රතිපත්තිය සරල කරනවා. පැහැදිලිවම මේ රටේ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අසීමිත බදු ක්‍රමයක් තුළ ආණ්ඩුවටවත් ජනතාවටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ. අපි පසුගිය කාලයේ ඒක දැක්කා. එදා පඩි වැඩි කරන්න විදියක් නැහැ කිවුවා බදු වැඩි කරන්නෙ නැතිව. නමුත් දැන් බදු නැතිව පඩි වැඩි කරන්න පුළුවන්හු. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැක්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. සියලු දෙනාටම මෙය ලැබෙන්න සලස් වනවා. මේ රටට හිත කර, ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්නේ කා ලගද කියලා. රටේ ඒකීයත්වය ආරක්ෂා කරනවා වගේම බෞද්ධ දර්ශනය මුල් කරගත් සමාජයක් තුළ සියළු සංස්කෘතීන් ආරක්ෂා කරන්න පුළුවන් කාටද කියලා. අපි අනෙක් අයට නොදෙවෙනි දේශපාලන පොරොන්දු දීලා නැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ පුළුවන් කියලා කියනවා. මගේ දැක්ම ප්‍රායෝගිකයි. දෙමාපියන්ට ගරු කරන සමාජයක්, වැඩිහිටියන්ට සලකන සමාජයක් බිහි කරන්න පුළුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් දේශපාලන නායකත්වයක් ලබා දෙන්නයි අපි 21 වැනිදාට ඔබගෙන් ආදරයෙන් ඉල්ලන්නේ”