රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය තහවුරු. කරගත යුතු බවත් නැතහොත් රට යළිත් අර්බුදකාරි තත්වයට පත්වන බවත් වත්මත් ජනපති ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රටේ ස්ථාවරභාවය තහවුරු කරගන්න බව දක්වා ඇති බවත් ඔහු අවධාරණය කර සිටියා

ඔහු මෙම අදහස් පළකළේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ

“අපි ඇති කරලා තියෙන ස්ථාවරභාවය තහවුරු කරන්න ඕනේ. නැත්නම් ආපහු පහළට යනවා. ඒක කරන්න තමයි මගේ වැඩසටහන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ඔබට දෙන්නේ ඒ වරම ලබාගන්න. සජිත් ගැන කියලා වැඩක් නෑ. හැම එකම දැන් නොමිලේ දෙනවලු. තව ටික කාලයකින් නොමිලේ නෙමෙයි ඒක ගන්න කියලා මුදල් දෙයි. මොකද්ද මාලිමාව කියන්නේ, ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියලා. මම ජනාධිපති වුණාට පස්සේ එහෙම කියනවා. මාලිමාවේ එක අඩුපාඩුවක් තියෙනවා. මේ මගේ මිත්‍ර අනුරට…ආ… දැන් මිත්‍රයා කියන්න එපානේ…හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකගෙන් මම අහන්න කැමතියි. මම බැලුවා ඒ අයගේ අයවැය. මෙහෙම අයවැයක් හැදුවේ අර බැනියමේ හිල් තියෙන එක්කෙනාද? මේක කරන්න බෑ.”