යාගි සුළිකුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා

මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම්වලටද අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව සදහන් .

වසර 30කට පසු වියට්නාමයේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු වූ බලවත්ම කුණාටුව මෙයයි.

යාගි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.