පසුගිය දිනවල ලෝකය පුරා කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් වුණා.

එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විත බව ඇපල් සමාගම පවසා සිටියා.

ඒ අනුව iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය මෙය වන බව ඇපල් සමාගම පවසා සිටින්නේ.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සිකුරාදා පෙර-ඇණවුම සඳහා සහ සැප්තැම්බර් 20 වන දින වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කළා.

අමෙරිකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ 52%ක පමණ ප්‍රමාණයක් iPhone සතුයි.