යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙම හමුවේ දී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කර ඇති බවයි.