ඇමරිකානු ජනපති සටනේ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පළමු ජනපති විවාදය ෆිලඩෙල්ෆියා හි ජාතික ව්‍යවස්ථා මධ්‍යස්ථානයේදී අද රාත්‍රී 9.00 ට ආරම්භ වන බව ABC News ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මැතිවරණය මුලදී 2020 ජනාධිපතිවරණය වැනිම තරගයක් වූ නමුත් ජනාධිපති ජෝ බයිඩන් සිය ප්‍රචාරක ව්‍යාපාරය අවසන් කර උප ජනාධිපති කමලා හැරිස්ව අනුමත කිරීමත් සමඟ එය පසුගිය ජූලි මාසයේ සිට වෙනස් වූ බව විචාරකයන් පවසනවා.

මේ වන විට ඇමරිකානු දේශපාලනයේ ඇති විශාලතම ප්‍රශ්නය නම් මෙවර ප්‍රතිඵලයෙන් අදහස් වන්නේ දෙවන ඩොනල්ඩ් ට්‍රම්ප් ධූර කාලයක්ද නැතහොත්, ඇමරිකාවේ පළමු කාන්තා ජනාධිපතිනියකගේ පත්වීමද යන්නයි.

මැතිවරණ දිනය ළං වනවාත් සමගම විවිධ පුද්ගලයින් ඡන්ද විමසීම නිරීක්ෂණය කරමින් සිටින අතර අද පැවැත්වෙන ජනාධිපති විවාදය වැනි විශාල සිදුවීම් ධවල මන්දිරය සඳහා වන තරඟයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳවත් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්.

මාස කිහිපයකට පෙර, මත විමසීම් නිරන්තරයෙන් පෙන්නුම් කළේ හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වඩා වත්මන් ජනපති ජෝ බයිඩ්න් පසුපසින් සිටින බවයි.

නමුත් කමලා හැරිස් ප්‍රචාරක මාවතට පිවිසීමෙන් පසු තරඟය දැඩි වූ අතර මේවන විට ඇය මත විමසීම්වලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් පසුවනවා.