මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට හෝ ඡන්ද පෙට්ටිවලට කිසිවක් සිදුවීමට පොලිසිය සහ රාජ්‍ය සේවකයන් ඉඩ නොදෙන බව ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

ඔහු මේ බව ප්‍රකාෂ කළේ ඊයේ (10) දිනයේදී මාතලේ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“රනිල් පරදිනවා. පැරදිලා අපරාදේ කියන්න බෑ ගල් කැටයක් වත් අතින් ගන්නේ නෑ සාමකාමීව ගෙදර යනවා. ඇයි ඒ ? පැරදිලා පුරුදු නැති මනුස්සයෙක් ද ? පළවෙනි පාර පරදිනවා නම් වේදනාවක් තියෙයි. ඒ නිසා ගණන් ගන්න එපා එයා යනවා. මුකුත් කරන්න බෑ .අන්තිම වෙලාවේ ඡන්ද කොළේට මොනා හරි වෙයිද ?,කිසි දෙයක් කරන්න බෑ ඡන්ද ටික නිසි පරිදි ගණන් කරලා ප්‍රතිපල කියන්නේ රාජ්‍ය සේවකයෝ. පහුගිය තැපැල් ඡන්දේ 80%යි 85% තැපැල් ඡන්ද ජාතික ජනබලවේගයට .ඒගොල්ලො ඡන්ද කොළේ රකිනවා. එතකොට කට්ටිය කියනවා පෙට්ටි මාරු කරයිද ? නෑ ඡන්ද මධ්‍යස්ථානයට හිස් පෙට්ටි ගෙනාවම භාරගන්නේ පොලිසියෙන් . ඡන්ද පුරවනකම් පෙට්ටිය ආරක්ෂා කරගන්නේ පොලිසියෙන් . පුරවපු ඡන්ද පෙට්ටි ටික කච්චේරියට අරගෙන එන්නේ පොලිසියෙන්. කච්චේරියෙන් ගණන් කරන තැනට දෙන්නේ පොලිසියෙන්. හිස් පෙට්ටි ආරක්ෂා කරන්නෙත් පොලිසියෙන් . ඔබ හිතනවද ඡන්ද පෙට්ටි ටිකට මොනා හරි වෙන්න මේ පොලිසියෙන් ඉඩදෙයි කියලා. නෑ.. හිතන්නවත් එපා. ඔබ නිකම් ‍යුනිෆෝම් එක නැතිවෙලාවේ කිට්ටුවට ගිහින් අහන්නකො පෙරේදා ඡන්දේ දුන්නේ කාටද කියලා. මාලිමාවට . ඒක තමයි අද ට්‍රෙන්ඩ් එක . අපිට තේරෙනවානේ. අපි දැන් ඔය රැස්වීම් වලට ගියාම දැන් අපි මෙහෙට ආවම පොලිසියේ මහත්තුරු බැදිලා ඉන්නවා රාජකාරිමය වශයෙන් අපිට ආරක්ෂාව සපයන්න. හැබැයි මෙහෙට ආවම තේරෙනවා රාජකාරිය විතරක් නෙවෙයි ඒක එන්නේ ඇගෙන් . එහෙමයි මේක හැරිලා තියෙන්නේ. “