ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ආරක්ෂක ප්‍රදර්ශනයක් අතරතුර යුද විරෝධී විරෝධතාවක් පවත්වා තිබෙනවා.

තෙදිනක් පුරා පැවැත්වීමට කටයුතු කර තිබූ මෙම ආරක්ෂක ප්‍රදර්ශනයට ගෝලීය ආරක්ෂක විශේෂඥයින් සහභාගීවන අතර, හමුදා උපකරණ ආදියත් ප්‍රදර්ශනය කෙරෙනවා.

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම විරෝධතාකරුවන්ව පාලනය කිරීම සඳහා පොලීසිය ඔවුන් දෙසට රබර් උණ්ඩ, කඳු ගෑස් සහ, ගම්මිරිස් ඉසින භාවිත කර තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් , සහ අශ්ව අසූචිවලින් පහර දුන් බව සඳහන්.

අවි කර්මාන්තය සහ එහි ලාභය කෙරෙහි බොහෝ රටවල මහජන කෝපය ගැඹුරු කර ඇති අවස්ථාවක මෙම විරොධතාව සිදුකර ඇති අතර එහිදී මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරීන් 1,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.