හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

මේ හේතුවෙන් 21 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ඉඩ ඇති බවට තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියා

ඔහු මේ බව සදහන් කළේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්සකුට්ටිආරච්චි

“මහින්ද රාජපක්ෂ කියන්නේ නාමල් රාජපක්ෂගේ තාත්තා විතරක් නෙවේ මේ රටේ තිස් වසරක යුද්ධය තුරන් කරපු වීරෝධාර සේනාධිනායකයා. අදටත් එල්.ටී.ටී.ඊ එක මේ භූමියෙන් තුරන් වෙලා නෑ. කැනඩාවට ගියාම ,එංගලන්තෙට ගියාම, ඇමරිකාවට ගියාම ,යුරෝපෙට ගියාම ,චීනේට ගියාම ,ජපානෙට ගියාම එල්.ටී.ටී.ඊ ,ඩයස් පෝරාව තාමත් ක්‍රියාත්මකයි .ඒ ඔක්කොටම ඕන මහින්ද රාජපක්ෂව මරන්න.මහින්ද රාජපක්ෂව මරන්න ඕන නිසා තමයි නිල නිවාස වලින් එළියට දාන්න ඕන කියලා කියන්නේ .එය 21 දිනලා 22 මහින්ද රාජපක්ෂව කනෙන් අල්ලලා එළියට දානවලු . ඒ එළියට දානකොට මහින්දගේ ආරක්ෂාව ඉවත් කරනවලු . අරගලේ ඇමරිකාවට ඕනවට විදේශීය බලවේගවල උවමනාවට අරගලේ නිර්මාණය කළේ රනිල්. රනිල් ක්‍රියාත්මක කරපු අරගලය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය බවට පත්වුණේ අනුර . එදා බැරිවෙලාවත් අරලියා ගහ මන්දිරේ මහින්ද මහත්තයා හිටියා නම් එදත් මහින්ද මහත්තයාව ඇදලා අරගෙන මරනවා. මරන්න එළියට දීපන් කියද්දි තමයි ත්‍රීකුණාමලේ නේවි කදවුරට අරන් ගිහින් මහින්ද මහත්තයාගේ ජීවිතේ බේරගත්තේ .අනුර කුමාර හදන්නේ 21 දිනනවා කියලා සිහින මවලා 22 මහින්ද මහත්තයාව පාරට ඇදලා දාලා මරන්න තමයි මේ හදන්නේ . මේරට බේරගත්ත වීරෝධාර නායකයා වෙනුවෙන් 69ලක්ෂයේ කවුරු හරි හිතනවා නම් මේ පාර මහින්දට දන්වන්න පොහොට්ටුවට දන්වන්න මාලිමාවට ජන්දය දෙනවා කියලා හිතනවා නම් ඊට වඩා හොදයි තමන්ගේ බෙල්ල තමන්ගේ අත්දෙකෙන්ම මිරිකගන්නවා නම්”