රට අර්බුධයක තිබූ අවස්ථාවක එය භාරගෙන වෙනස් කිරීමට තමාට හැකියාව ලැබුණු බව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ඔහු මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන රැලිය අමතමින්

“රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා. මම ඒක කළේ එක විශ්වාසයක් මත. මම කාගෙන්වත් රට
උදුර ගත්තේ නැහැ. ගන්න කවුරුත් හිටියේ නැහැ. දැන් රට ටිකෙන් ටික ගොඩගන්නවා. අපි දැන් ඒක තහවුරු කරන්න ඕනේ. ඒක කරන්න තව අවුරුදු තුන හතරක් යනවා. ඒ සඳහා වරම ඉල්ලන්න තමයි මම ඉදිරිපත් වුණේ.ජීවන බර තවත් සැහැල්ලු කරන්න, බදු බර තවත් අඩු කරන්න, රැකියා උත්පාදනය සඳහා අපි සතුව වැඩපිළිවෙළක් තිබෙනවා.”