පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා

එය වෙලේ සුදා රඳවා සිටින විශේෂ අංශයේ A කොටසේ අංක 38 සිරමැදිරිය තුළ තිබී සොයාගත් බව සදහන්

කෙසේ වෙතත් මෙය සිම්පත් රහිත ජංගම දුරකථනයක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදී තිබෙනවා.