හෙට (14) දිනයෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා