ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා.

පසුගිය දිනවල දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා.

පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බවයි.