අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත.
මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙනවා
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ,
“දැනට දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන ඡන්ද කාර්යාල සියල්ලම වෙනස් වෙනවා. 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. එතැන් සිට මැතිවරණ කොට්ඨාසයට අදාළ වන ඒ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යා හැකියි. ඒ හැර ඡන්ද කොට්ඨාසයට අදාළ වෙන දැනට පිහිටුවලා තියෙන 13,314 ම ඉවත්වෙනවා 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. ඊට අමතරව අලුතින් පිහිටුවන්න පුළුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. දැනට ඉදිරිකරලා තියෙන කාර්යාල ඉවත්කර ගන්න කියලා අපි සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ඔවුන් ඉවත් කරගත්තේ නැත්නම්, පොලීසිය මඟින් ඒ කාර්යාල ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති.”