ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත්කිරීම තමන්ගේ අවසාන ඉලක්කය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි

අද (18) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

”අපේ අවසාන ඉලක්කය මේ රට ආසියාවේ වේගයෙන්ම සංවර්ධිත රට බවට පත් කරන එක . ඒ ඉලක්කෙට අපි යමු. ඒ ඉලක්කෙට යනකොට ආන්ඩුව පොහොසත් කියල ජ්‍යාතියන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් අරමුදල් වල ප්‍රතිපත්ති අපි යම්තාක් දුරකට අනුගමනය කරමු හැබැයි මිනිස්සුත් පොහොසත් කරමු. මිනිස්සු දුප්පත් වෙලා ආන්ඩුව පොහොසත් වුණාට වැඩක් නෑ ඒ නිස මම අනුගමනය කරන්නේ පොහොසත් තරුණ පරම්පරාවක් ,පොහොසත් දෙමාපියන් පිරිසක් ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තියක්. මම වගකීමෙන් කියනවා ඔබ මම කෙරේ තබන විශ්වාසය පලුදු වෙන්න මම ඉඩතියන්නේ නෑ.”