ඊයේ (18) දිනයේත් ලෙබනනයේ පිපිරීම් මාලාවක් වාර්තාවී තිබෙනවා.

මෙහිද‍ී “වෝකි ටෝකි” යන්ත්‍ර පිපිරීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර එහි උණුසුම මැකී යාමටත් පෙර මෙලෙස ” වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගොස් තිබෙනවා.