මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීම ගැටලු සහගත බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

මෙලෙස ඇඳිරි නීතිය පැනවීම මිනිසුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් කිරීම සඳහා සිදුකරන කටයුත්තක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනතාව මේ අවස්ථාවේ ඉතාම සමකාමීව තම නිවෙස්වලට වී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.