ඊශ්‍රායලය සහ ඉරානයේ පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය රට තුළ ආධිපත්‍යය දරමින් සටන් තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ලෙබනනයෙන් වහාම පිටව යන ලෙස ලෙබනනයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අගමැතිවරයා පවසා තිබෙනවා.

අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ ලෙබනනය සම්පූර්ණ යුද්ධයක අද්දර සිටින නිසා මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි.

ලෙබනනයේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉවත් කිරීමට සූදානම් වීම සඳහා බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ලෙබනනයට ආසන්න සයිප්‍රසයට භටයන් 700 ක් යැවීමට කටයුතු කරන බවත් සඳහන් කර තිබෙනවා.

එසේම ලෙබනනයට කරන සියලුම සංචාර අවලංගු කරන ලෙසත් බ්‍රිතාන්‍යය තම පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සතියේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 560කට වැඩි පිරිසක් මිය අතර රටේ තත්ත්වය විනාශකාරී ප්‍රතිවිපාක සහිතව වේගයෙන් පිරිහෙමින් පවතින බවට බ්‍රිතාන්‍ය රජය පවසනවා.