නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන එම ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා යන අයුරු දක්නට ලැබුණා.

මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කරයෑම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව අද (25) පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.