ඊයේ (26) හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු එම අමාත්‍ය ධුර දැරූ සමයේ දී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

එම නිවාස පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින යළි බාර දෙන ලෙස ලිපි මගින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කළේ

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙන බව වාර්තා වනවා.