ලෙබනනයේ මිලියනයකට අධික ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වීමට සිදු වී ඇති බව එරට අගමැති පවසනවා.

එයට හේතුව ඇත්තේ ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාරයි

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඉරිදා ප්‍රහාරවලින් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගිය බවයි.

ඊශ්‍රායලය විසින් බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කර දින දෙකකට පසුව හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට තවත් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය කියා සිටියේ යේමනයේ ඉරානයේ පිටුබලය ලබන හූතී ව්‍යාපාරයේ හමුදා ඉලක්ක වෙත මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි