දින දෙකක් පුරා නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 170කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන්

එමෙන්ම 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවද නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කත්මන්ඩු අගනුවරට 1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාව ද මෙය බව සඳහන්.

එමෙන්ම කත්මණ්ඩු අගනුවර හා සම්බන්ධ වන බොහෝ ප්‍රධාන මාර්ග නායයෑම් හේතුවෙන් විවිධ ස්ථානවලින් අවහිර වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.