ඊශ්‍රායලය ලෙබනනය හරහා දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන පසුබිමක ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා පවසා තිබෙනවා.

ඊශ්‍රායලය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමෙන් පසු ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් කරන ලද පළමු නිවේදනය මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර,ගුවන්, මුහුද සහ ගොඩබිමෙන් හමුදා භාවිතා කිරීමට සූදානම් නිසා ඕනෑම අවස්ථාවක ප්‍රහාර දියත් කිරීමට සූදානම්ව සිටින ලෙස ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය ලෙබනන් දේශසීමාව අසල හමුදාවන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

තම ලෙබනන් කණ්ඩායමේ නායකයා දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව හමාස් සංවිධානය පවසා තිබෙනවා.

ලෙබනනයේ නිලධාරීන් පවසන්නේ පසුගිය සති දෙක තුළ එල්ල වූ ප්‍රහාර නිසා 1,000 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර මිලියනයක් දක්වා ජනතාව අවතැන් වී ඇති බවයි.