තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

ක්‍රැතන් නම් අදාළ සුළි කුණාටුව පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ විසින් නිගමන​ය කර ඇති බව එර​ට මාධ්‍යය​න් වාර්තා කර ඇත.

එරට ප්‍රධාන වරාය නගරයක් වන කොව්ෂින් නගරයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා 40,000 කට ආසන්න භට පිරිසක් යොදවා ඇති බව වාර්තා වේ.