2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල නිකුත් කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම්කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

අදාළ අයදුම්පත් අද (01) දින සිට ඔක්තෝබර් 08 වනදා දක්වා අන්තර්ජාලය ඔස්සේ යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි (www.ugc.ac.lk) 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම හා සම්බන්ධව මින් පෙර පළකරන ලද පුවත්පත් නිවේදනයෙහි දක්වා ඇති බව සඳහන් වෙයි.

පාඨමාලා සඳහා වන කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා 2023/2024 අධ්‍යයන වර්ෂයේ අයදුම්කරුවන් සඳහා මින් පෙර ලබා දුන් සති දෙකක කාලය මෙම අවස්ථාව සඳහා අදාළ නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටී.