පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසයි.

මැතිවර​ණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ග​රු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම මැතිවර​ණ කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව එ​ම කොමිසම දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.