හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය පවසයි.

නිලධාරීන් 163 දෙනකු මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින බව ඔහු සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් වන බව සඳහන්.

කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයන් 300කට වැඩි පිරිසක් ඉවත්කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග ජනමාධ්‍ය වෙත වාර්තා කර තිබිණි.