නව ජනතා පෙරමුණේ නායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු අද (07) පෙරවරු 10.00 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමට නියමිතව ඇත.

අරගලය ක්‍රියාත්මක වූ දින පුද්ගලයෙකුට පහර දීමක් සිදුකල බවට ඔහුට චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පවසා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් තම දේශපාලන ජීවිතේ කිසිම අවස්ථාවක එවැනි සිදුවීමක් සිදු වී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.